Thursday, February 28, 2008









සුනිලා කී කෙලින් කතාව



ගැහැණුන් විකුණන චැනල් වල
ස්ත්‍රීවාදෙටත් තැනක් ඇත
එක මුල්ලක................

යකඩ ගැහැණුන්
මවන
මඩ ගහන යන්තර වල
සිරවුණ මන්තර,

එකම තැන
හෝද හෝදා
මඩේ ඔබන
වාදයේ දී
නුඹ කියූ දේ
නිවන් යන්නටත්
හොදෝටෝම වැඩියි
අක්කේ.....................

සදක් නම්
ලංවීම බලනු මැන
මලක් නම්
ගෑවීම බලනු මිල

දැනේ ද
රළු නොරළු ගති...
දුබලකමට පිටුපා,
කටු ඇනෙන ඝනදුරේ
නුඹ ගිය ගමන්
බො‍හෝ දුර බව
හැගුනා.......


දහවලෙහි
අදුර ද
අදුරෙහි
දහවල ද
සගවා ඇති
ජීවිතේ ලඟ
'ගැහැණුකම' ගැන
මායිම් සොයා යති
ගිරවුන්
වචන මතින්.....


එබදු දේශයක දී
දිගක් පළලක් අහිමි
ස්ත්‍රී ආත්මයක
හිමිකාරියකි නුඹ
ආ‍දරේ හිතෙන...............


කුමාරි ප්‍රනාන්දු

No comments: