Tuesday, February 26, 2008

දමිල මුරලිදරන් 'අපේ මුරලි' වීම
ඔහු අපේ ය
අපේ වන්නේ කෙලෙසක ද ?
ඔහු දමිළ නම්
තළ තෙල් ගදක් දැනෙන්නේම නැත
හෙළ උරැමයේ අයට මෙන්
අපට නම්

කැන්ගරුන් අත තිබූ
'ජගත් කිරුල'
සිය සුරුකම් විරුකම් පා
සියතට ගෙන එය
ලක් මවගේ හිස පැලැන්දූ
ඔහු ඇගේ අතිජාත
සාඩම්බර පුතනුවන් ද ?
අපගේ සොහොයුරාණන් ද?
නොවෙද ?

සත් සියයක් ඉක්මවූ
කඩුලු ජයගත් සදාදරණීය මුරලි
බිදැලිය නොහැකිදඔබට වත් ?
ජාතිවාදී අමනයින් විසින්
සාමයට මඟ අවුරා
ඉදිකරැ'ති 'කඩුල්ල'

හියුබට් ස්ටැන්ලි ප්‍රනාන්දු

No comments: